Gossips

තාක්ෂණය දියුණු වුවත් මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ගැටලූ මතුවෙලා

තාක්ෂණය දියුණුවුවත්, මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ප්‍රශ්න සහ ගැටලූ ඇති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර ඊයේ (17) පැවති හමුවේදී අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
සත්‍යය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.
මේ අතර, ජනාධිපතිවරයා අද (18) පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙනවා.
පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලබන 21 වන දා දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (19) දිනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමටද නියමිතයි.
මේ අතර, ගෝලීය වෙළඳපොලට ඇතුලූ වීම සඳහා කුඩා රටවල්වලට අවස්ථාව සලසා දීම සඳහා වන ගිවිසුමකට ද මෙම සමුළුව අතරතුර ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා.