Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට – තවත් සිසුන් 11 කට තුවාල (ඡායාරූප)

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථයක් සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන්.
අනතුරින් තවත් පාසල් ළමුන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගොස් සහ තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ ළමුන් බව සඳහන්.
ත්‍රී රෝද රථ රියදුරා සහ පාසල් ළමුන් ඇතුලුව 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.
පුලියන්කුලම ප්‍රදේශයේ පාසලක් අවසන් වී ළමුන් ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටියදී අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා ද තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් වව්නියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුලියන්කුලම පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.


ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ