Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් තුන්දෙනෙකුට තුවාල

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කොරකහවැව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.
මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය – මුතූර් ප්‍රදේශයේ සිට පුත්තලම බලා ගමන් කරමින් සිටි එකම පවුලක පිරිසක්.
ත්‍රිරෝද රථය පැදවූ 26 හැවිරිදි රියදුරාට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.