Gossips

ත්‍රී රෝද රථයක් ලොරියක ගැටී 3 ක් මරුට

මොණරාගල – වැල්ලවාය මාර්ගයේ කුඹුක්කන හංදිය අසල සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුලු 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.45 ට පමණ අනතුර සිදුවී ඇත්තේ ලොරියක් ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන්.
අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ රියදුරු ඇතුලු 4 දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමේදීයි තුන්දෙනෙකු මියගොස් ඇත්තේ.
බරපතල තුවාල ලැබු 49 හැවිරිදි කාන්තාවක් මොණරාගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී මෙම පිරිස අනතුරට ලක්ව ඇති බවයි.
මරණයට පත්වී ඇත්තේ අවුරුදු 22 ක තරුණයෙක්, අවුරුදු 19 ක තරුණියක් සහ අවුරුදු 8 ක පිරිමි දරුවෙක්.
මියගිය සහ තුවාල ලැබුවන් නුගලන්ද ඇතිමලේ පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෘත ශරීර මොණරාගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.