කැළණිය – තෙළඟපාත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ත්රිරෝද රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද උදෑසන සිදුවූ මෙම අනතුරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
මැදවච්චියේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ මෙම ත්රිරෝද රථය ගැටී තිබූ අතර, ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධාවක් සිදුව නැහැ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මරදාන දුම්රිය ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.