Gossips

ත්‍රි රෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

හැටන් කොටගල ප්‍රධාන මාර්ගයේදී සිදු වූ ත්‍රි රෝද රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අද සවස 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් පසුකර යාමට උත්සහ කළ ත්‍රිරෝද රථයක් බස් නැවතුම්පොළක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
දිඹුල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


rnrnrnrnrnrnrnrnrnrnrnrn