Gossips

ත්‍රි රෝද රථයකින් ඇදවැටි කාන්තාවක් මරුට (ඡායාරූප)

මතුගම දෙහිගස්මුල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයකින් ඇදවැටී මියගොස් තිබෙනවා.
ත්‍රී රෝද රථයෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක්.
ඇය පසුගිය 29 වැනිදා සවස රාජකාරි නිමවී නිවස බලා යෑම සදහායි ත්‍රි රෝද රථයට ගොඩ වී ඇත්තේ.
නමුත් එම ත්‍රි රෝද රථය මතුගම දෙහිගස්මුල්ල ප්‍රදේශය පසු කරනවාත් සමඟ මෙම කාන්තාව මාර්ගයට ඇදවැටි තිබෙනවා.
ඉන් අනතුරුව ප්‍රදේශවාසින් එක්ව ඇය පැමිණි ත්‍රි රෝද රිය නතර කර තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කරන ලෙස රියදුරාට දන්වා තිබෙනවා.
කෙසේ නමුත් ත්‍රි රෝද රථයේ රියදුරා තුවාල ලැබූ කාන්තාව මතුගම නගරයේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුවයි ඇය රෝහල් ගත කර ඇත්තේ.
නමුත් මෙම අනතුරට සම්බන්ධ ත්‍රි රෝද රථය පිලිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ.
අනතුර සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, අනතුරට ලක්වූ කාන්තාව ත්‍රි රෝද රථයෙන් ඇද වැටෙන අකාරය අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවසක CCTV කැමරාවක සටහන් වී තිබුණා.


(ඡායාරූප – ධනුෂ්ක ලංකා – අගලවත්ත )