Gossips

ත්‍රි රෝද රථයක් මෝටර් රථයක ගැටී සිව්දෙනෙක් රෝහලේ

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇළ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රි රෝද රථයක මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කල සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද(18) උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.
මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් හාලිඇළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.