Gossips

ත්‍රි රෝද රථයක් මතට ගසක් කඩා වැටී අයෙක් මරුට

කහවත්ත, අම්බලන්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල රබර් ගසක් කඩාවැටීම නිසා එම ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේම මියගොස් ඇති බව කහවත්ත පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ අම්බලන්වත්ත,උතුරු මනාපිටිය ප්‍රදේශයේ පදිංචි වැහුම්පුරගේ සමන් නමැති අයෙක්.
මෙම පුද්ගලයා අම්බලන්වත්ත ප්‍රදේශයේ සිට සිය නිවස බලා ත්‍රිරෝද රථයෙන් ගමන්කරමින් සිටියදී උඩු කාඩු ලයිම ප්‍රදේශයේදී මෙම මාරක අනතුරට මුහුණ දී තිබෙනවා.
අනතුර සිදු වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් වහාම පැමිණ ගසකපා රියදුරු රථයෙන් එළියට ගෙන රෝහල් ගත කර නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.