Gossips

ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම තාවකාලිකව නවතී

ප්‍රමිති කාර්යාංශයේ තත්ත්ව සහතිකය ලබාදෙන තෙක් ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම තාවකාලිකව නතර කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
අද පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සමඟ ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ත්‍රිරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කර තිබුණත් මෙරටට ගෙන්වන ලද මීටර් සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් නොමැති බවට ලැබෙන පැමිණිලි සැළකිල්ලට ගනිමින් මීටර්වල තත්ත්වය පිළිබඳව ප්‍රමිති කාර්යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කරනු ලැබුවේ.