ඉහළ යන ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඇතුළු සංගම් කිහිපයක් අද අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එහිදී වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවිර, එම අමාත්‍යංශ ලේකම්වරයා, ඛනිඡු තෙල් අමාත්‍ය අර්ඡුුන රණතුංග සහ එම අමාත්‍යාංශ ලේකම්වරයායි.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ දින 10 ක් ඇතුළත මිල සූත්‍රය හෙලි කිරීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් දැඩි පියවරකට එළඹෙන බවයි.
