ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද අදහස් පළ කර ඇති අතර, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදීමට අවම වයස් සීමාවක් යෝජනා කිරීම අවශ්‍ය නොවන බවයි.
මේ අතර ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බවද මුදල් අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා.