Gossips

ත්‍රිරෝද රථ වයස් සීමාව ගැන ඒකාබද්ධයෙන් පැහැදිලි කිරීමක්

රජය විසින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා පනවා ඇති 35 වයස් සීමාව හේතුවෙන් 590,000කගේ පමණ රැකියා අහිමි වන බව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙරට අට ලක්ෂ 50,000ක් පමණ ත්‍රිරෝද රථවලින් මගීන් ප්‍රවාහනය කරන අතර, මේ හේතුව නිසා වයස් සීමාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව සුදුසු නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්
පසුගිය ජූලි 24 වැනි දා සිට ක්‍රියාත්මක වන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා විසින් යහපාලන ස්ථාවරභාවය වෙනුවෙන්ම පනවන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවක් නියම කොට ඇත. ඒ අනුව, වයස 35 ට අඩු 70 ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු ත්‍රී රෝද රථයකින් මගීන් ප්‍රවාහනය කිරිම දඬුවම් ලැබිය හැකි වරදකි. දඩ ද සිර දඬුවම ද බෝසත් පාලකයින් විසින් ඔවුනට ලබා දෙනු ඇත්තේ අන් කිසිඳු අරමුණක් නිසා නොව යහපාලන ; සංස්කෘතික රාජ්‍යය නිර්මාණය කිරීමේ පරම පිවිතුරු අධිෂ්ඨානයෙනි.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව දොළොස් ලක්ෂය (1,200,000) ඉක්මවා තිබේ. මින් අටලක්ෂ පනස්දහසක් (850,000) පමණ මගී ප්‍රවාහනයේ යෙදෙති. ත්‍රි රෝද රථ සංගම් වල සංඛ්‍යාලේඛනවලට අනුව මින් 70% ක් පමණ පාලනය කරනු ලබන්නේ වයස අවුරුදු 35 ට අඩු තරුණයින් විසිනි.
ඒ අනුව, වත්මන් හවුල් ආණ්ඩුව විසින් එක් රැයක් තුළ මහමඟට ඇද දැමීමට බලාපොරොත්තු වන ත්‍රී වීල් සුක්කානමේ දෑත් රැඳි යෞවනයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ අනූදහස (590,000) ඉක්මවනු නිසැකය.
(උපුටා ගැනීමකි)