Gossips

ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ගැටී එක් අයෙකු මරුට

කොහුවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සිදු වූ පහරදීමකින් එක් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අද පෙරවරු 10 ට පමණ නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ මෙම ත්‍රිරෝද රථ දෙක එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
ඉන් අනතුරුව ඇති වු බහින් බස්වීමක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් ත්‍රිරෝද රථයක රියදුරෙකු මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීයි.
සැකකාර අනෙක් ත්‍රිරෝද රථ රියදුරා කොහුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.