Gossips

ත්‍රිරෝද රථ නීතියට මංගලගේ විරෝධය

ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමේ යෝජනාවට තමන් විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ අවම වශයෙන් එම වයස් සීමාව අවුරුදු 25 ක් දක්වා හෝ අඩු කළ යුතු බවයි.
ත්‍රිරෝද රථ වෘත්තිය නියාමනය කිරීම සඳහා ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදෙන පුද්ගලයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම පිළිබඳව මේ දිනවල සමාජයේ කථාබහක් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ එම තීරණය අසාධාරණ එකක් බවයි.
එමෙන්ම වත්මන් රජය යටතේ ත්‍රිරෝද රථ රියදුරන්ටද ගරුත්වයක් ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළා.