Gossips

ත්‍රිරෝද රථ නියාමනයට කොමිසමක්

ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා ඉදිරියේදී කොමිසමක් ගෙන එන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඊට අදාළ නීති සකස් කර ඒවා මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නීතිපති අවසරය ලද වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා.