Gossips

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට – 6 කට තුවාල

ඇහැලියගොඩ – දෙහි ඕවිට මාර්ගයේ පනාවල හන්දියේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ත්‍රිරෝද රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් ත්‍රිරෝද රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 3 දෙනෙකු ද සිටින අතර මිය ගොස් ඇත්තේ ගොඩගම්පළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.