Gossips

ත්‍රිරෝද රථයකින් ගිය මළ සිරුරක් ගැන පරීක්ෂණ

මියගිය කාන්තාවක් ත්‍රිරෝද රථයකින් රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මාරවිල ප්‍රදේශයේ සිට හැටන් දක්වා රෝගී කාන්තාවක් රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් දෙදෙනෙකු මියගිය මහළු කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන දික්ඔය ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් තමන් මළ සිරුරක් රැගෙන ගිය බව ත්‍රිරෝද රථ රියදුරු දැනගෙන ඇත්තේ ගමනාන්තය අවමංගල්‍ය උත්සවයකට සුදානම් කළ නිවසක් වීමෙන් පසුවයි.
අනතුරුව ඔහු හැටන් පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ත්‍රිරෝද රථයේ පැමිණ ඇත්තේ මියගොස් සිටි මහළු කාන්තාවගේ දියණිය සහ මුණුබුරා බවට අනාවරණ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.