මොරටුව – කටුබැද්ද ප්‍රදේශයේදී දේපළ සොරාගැනීම් සහ කොල්ලකෑම් ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් මහමග නවතා ඇති ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කර ඒවා උපයෝගී කරගනිමින් රන් මාල කොල්ලකෑම් සහ දේපළ සොරාගැනීම් ඇතුලූ අපරාධ ගණනාවක් සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
වයස අවුරුදු 24 ත් 28 ත් වයස්වල පසුවන සැකකරුවන් ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම මෙම කල්ලිය ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, පානදුර, කළුතර සහ අලූත්ගම ප්‍රදේශවල මෙලෙස දේපළ සොරකමේ සහ කොල්ලකෑම්වල නිරතවී ඇති බව සඳහන්.
කොල්ලකන ලද ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.