මෙරටදී පළමු වතාවට ත්‍රිමාන කැමරා උපයෝගි කර ගනිමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී අද සිදුකෙරුණා.
එහි උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අතින් සිදුකෙරුණු මෙම සැත්කමට භාජනය වුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
මුඛයෙන් කැමරාවක් ඇතුළු කර බාහිර කැපුමකින් තොරව මෙම සැත්කම සිදුකර තිබෙනවා.
