Gossips

ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වනදා දක්වා සතියක කාලයක් ‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් ලබන 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහ මළුවේදී සිදුකිරීමට නියමිතයි.
‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ආරම්භ කරමින් අද දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා.
එහිදී දීප ව්‍යාප්තව මහා සංඝරත්නය පිණ්ඩපාතයේ වැඩි අතර, ඒ සදහා අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවල දායකත්වය ද ලැබුණු බව සදහන්.
පිණ්ඩපාත චාරිකාවට එක්වූ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා.