ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන්නැයි යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී අද පස්වරුවේ ආරම්භ වුණා.
ඒ, ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ද ඊට එක්ව සිටිනවා.
