Gossips

ත්‍රිපිටකය ලෝක උරුමයක් වීම පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් – ජනපති

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ඔසවා තැබීමට ගන්නා සෑම පියවරක්ම මෙරට බෞද්ධ සමාජය තුළ මෙන්ම අන්තර් ජාතිකව ද විශාල සංවර්ධනයක් ඇති කිරීමේ පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වාරියපොළ ශ්‍රී විසුද්ධාරාමයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට ඊයේ (22) එක්වෙමින්.
මේ අතර, ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කෙරෙන ජාතික පුණ්‍ය මහෝත්සවය ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී අද (23) පස්වරු 2ට ආරම්භ වනවා.
ඒ, අති පූජනීය ත්‍රෛනිකායික මහානාහිමියන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථේරවාද බෞද්ධ රටවල සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදුවනවා.