Gossips

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට

ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට සිදුවනවා.
මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ 1500 කගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ එය සිදු කෙරෙන්නේ මාතලේ – අලූවිහාරයේදීයී.
එම නිසා ජාතික වැදගත්කමක් සේ සලකා රාජ්‍ය ආයතන, විහාරස්ථානවල සහ නිවෙස්වල හෙට දිනයේ බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.