Gossips

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සති දෙකකට වැලි කැනීම් බලපත්‍ර අත්හිටුවයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම සඳහා ලබාදී ඇති සියලූ බලපත්‍ර හෙට සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල සිරිවර්ධන කියා සිටියේ එම දිස්ත්‍රික්කය තුළ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනය හේතුවෙන් මෙලෙස දැනට ලබාදී ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටවූ බවයි.
ඒ අනුව ලබන 28 වනදා දක්වා මෙලෙස බලපත්‍ර අත්හිටුවනු ඇති.