Gossips

ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිත භූ කම්පනයේ පසු කම්පන ගැන, භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අවධානයෙන්

ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම සිදුවූ භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු කම්පන සිදුවේදැයි පරීක්ෂාවෙන් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා.
එමගින් සදහන් කළේ අද අලුයම සිදුවූ භූ කම්පනය පල්ලෙකැළේ, මහකනදරාව සහ හක්මන භූ මාපක යන්ත්‍රවල රික්ටර් පරිමාණයේ 3.5ත්, 3.8ත් අතර භූ චලන ලෙසින් සටහන් වී තිබූ බවයි.
ත්‍රිකුණාමලය – මුතූර් සහ කින්නියා ප්‍රදේශවල ජනතාවට ද මෙම කම්පන තත්වය දැනී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එමෙන්ම ඊයේ (14) රාත්‍රී 12.35ට පමණ ත්‍රිකුණාමලය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 3.5ක භූ කම්පනය සිදුවන වේලාව ආසන්නයේදීම, ඉන්දීය සාගරයේ අන්දමන් සහ නිකොබාර් දිවයින් ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.