Gossips

ත්‍රිකුණාමලය වෙරළෙන් හමුවූ, අභිරහස් ලෙස මියගිය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරිය

ත්‍රිකුණාමලය – සංඝමිත් වෙරළ තීරයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (21) දහවල් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මළ සිරුර වව්නියාව, ආසීකුලම්, කට්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කාන්තාවකගේ වන අතර ඇය නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ කථිකාචාර්යවරියක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල කාන්තාව සිය නිවසට යන බව පවසා ඊයේ (20) ත්‍රිරෝද රථයක නැගී විශ්ව විද්‍යාලයෙන් පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී ඇයගේ අත්බෑගය සහ පාවහන් යුගලය සංඝමිත් වෙරළ තීරයේ තිබී අද උදෑසන සොයාගත් බවයි වාර්තා වන්නේ.
වැඩිදුරටත් සිදුකළ මෙහෙයුම් වලදී කථිකාචාර්යවරියගේ සිරුර සංඝමිත් වෙරළේ තිබී අද (21) දහවල් හමුවී තිබෙනවා.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් පුද්ගල ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලීසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මෙලෙස මියගොස් ඇති කාන්තාව මීට වසරකට පෙර විවාහ වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රිකුණාමලය – අබ්දුල්සලාම් යාසීම්