Gossips

ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට

ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, තරුණයින් 8 දෙනෙකු මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතරල තවත් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
මෙම තරුණයින් 8 දෙනා ත්‍රිකුණාමලය – මනියවේලි මුහුදු තීරයේ දියනෑමට ගොස් තිබෙන්නේ අද පස්වරු 3 ට පමණ.
ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණයින් 8 දෙනා දිය නාමින් සිටියදී රළ පහරකට හසුවූ බවයි.
ඔවුන් අතරින් 6 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්වුණා.