Gossips

ත්‍රිකුණාමලය මහ රෝහලේ පොළොවෙන් ආයුධ කොටසක් හමුවෙයි (ඡායාරූප)

ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී අඩි 10ක පමණ ඉපැරණි කාලතුවක්කුවක කොටසක් අද (15) හමු වු බව වරාය පොලිසිය පවසනවා.
මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දිමෙන් පසු ඉදිකිරිම් කටයුතු තාවකාලිකව නවත්වනු ලැබුවා.
එමෙන්ම කඩිනමින් කැණීම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයට ද දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

ත්‍රිකුණාමලය – අබ්දුල්සලාම් යාසීම්