Gossips

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල පුද්ගල ඝාතනයක්

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා.
අද (16) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක්.
අප වාර්තාකරු පැවසුවේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ දේහය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.