ත්‍රිකුණාමලය – එරක්කන්ඩි වෙරළ තීරයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නැගෙනහිර නාවික විදානයට අනුයුක්ත නාවික භට පිරිසක් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවූ බවයි.
ඒ අතර විදුලි නොවන ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල්කූරු 3 ක්, චාජර් 4 ක් සහ අඩි එකහමාරක් දිගැති ආරක්ෂිත වෙඩි නූලක්ද නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
මේ අතර පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයේදී ද නාවික හමුදා භට පිරිස් විසින් මල බඳින ලද පීඩන බෝම්බයක්ද සොයාගෙන ඇති අතර, පසුව එය නිශ්ක්‍රීය කර තිබුණා.
