Gossips

ත්‍රිකුණාමලයේ සංවර්ධනයට සිංගප්පූරු සමාගමකින් සැළසුමක් – අගමැති

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිංගප්පූරු සමාගමක් සමග එක්ව සැලසුමක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
‘‘ දැන් විශේෂයෙන්ම නැගෙනහිර පළාතට අවධානය යොමු වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙනම සැලැස්මක් සකස් වෙලා තියෙනවා සිංගප්පූරු සමාගමක්. සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් ඇතිවෙමින් තියෙනවා. මේ ප්‍රදේශයේ තිබුණු විශාලතම ප්‍රශ්නය තමයි කටුනායක ඉඳන් මඩකලපුවට පැමිණීම ගැන. දැන් එතනට විසඳුම් 2 ක් හිමිවෙනවා. එකක් මත්තල ගුවන් තොටුපොළ මේ අවුරුද්ද අවසානයේ ආරම්භ කළාම නැගෙනහිරට එන්න කියලා විශේෂයෙන් සංචාරකයින්ට පැය 2 ක් දෙකහමාරක් ගත වෙනවා. ඒ වගේම අද මඩකලපුවේ ගුවන් තොටුපොළ අලුත් වැඩියා කරලා තියෙනවා. අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ලංකාවේ සංගම් දෙකකට ගුවන් සේවා ආරම්භ කරන්න කියලා. කොළඹත්, මඩකලපුවත්, ත්‍රිකුණාමලයෙත්, සීගිරියෙත්, පලාලිත් ගුවන් තොටුපොළවල් පිහිටුවන්න. එහෙනම් සංචාරක ව්‍යාපාරය මීට වඩා දියුණු වෙන්න යනවා. ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ රැකියා ආදායම් මාර්ග ලබාදෙන්න.’’