Gossips

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ අයෙක් බවට තොරතුරු

ත්‍රිකුණාමලය – සිරිමා පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නමැති ව්‍යාපාරිකයා බව අනාවරණ වී තිබෙනවා.
45 හැවිරිදි මෙම පුද්ගලයා සිරිමාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර වෘත්තීයෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයෙක්.
මොහු ලොරියක් තුළ සිටියදී, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 3 දෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
අපරාධ කල්ලි සාමාජිකයින් සහ මියගිය පුද්ගලයා අතර පැවති සබඳතාවයන් පිළිබඳව ද මූලික පරික්ෂණවලදී හෙළි වී තිබෙනවා.