Gossips

ත්‍රිකුණාමලයේ භූමිකම්පාවක්

ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම රික්ටර් පරිමාණ ඒකක 3.5ක සුළු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට එම කම්පන තත්ත්වය දැනී ඇති බව භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කළා.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මුතූර් සහ කින්නියා ප්‍රදේශවල ජනතාවට ද මෙම කම්පන තත්ත්වය දැනී ඇති බවයි.