Gossips

ත්‍රිකුණාමලයේ නැව් තෙල් සැපයුම ඉහළට – අයි.ඕ.සී.

ත්‍රිකුණාමලයේ පිහිටි සිය නැව් තෙල් සැපයුම් පහසුකම් පසුගිය කාලය තුළ සීග්‍ර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලංකා අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කළා.
පසුගිය මාර්තු 31 වන දායින් අවසන් වූ මූල්‍ය වසර තුළ එමගින් සැපයූ නැව් තෙල් ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 200කට අධිකයි.
පෙර වසරට සාපේක්ෂව එය සියයට 144ක වර්ධනයක් බවයි ලංකා අයි. ඕ.සී. සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙලෙස ඉන්ධන සැපයුම් වර්ධනය වීම කොළඹ වරායට හෝ අනෙකුත් දේශීය නැව් තෙල් සැපයුම්කරුවන්ට බලපා නොමැති බව එමගින් අවධාරණය කළා.
කලාපයේ අනෙකුත් රටවල වරාය අතුරින් නැව් තෙල් සැපයුම් සඳහා ත්‍රිකුණාමලයට වැඩි ආකර්ශනයක් පැවතීම ඊට හේතුවයි.