Gossips

ත්‍රිකුණාමලයට ගිය ජපාන ආරක්ෂක ඇමති මාගම්පුරින් කොළඹට (ඡායාරූප)

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා අද හම්බන්තොට සහ කොළඹ වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වුනා.
ඔහු ඊයේ ත්‍රිකුණාමල වරායද නිරීක්ෂණය කිරීම විශේෂත්වයක්.
කොළඹ වරාය දැනට අත්පත්කරගෙන ඇති ප්‍රගතිය ජපන් ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වී තිබෙනවා.
ජයබහලූ පර්යන්තය ඉදිකිරීම සඳහා ජපන් රජය ලබාදුන් දායකත්වය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී ජපන් ආරක්ෂක අමාත්‍යවරයාට පැහැදිළි කළ බවයි වරාය අධිකාරිය සඳහන් කළේ.
කෙසේ වෙතත් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ කොළඹ වරාය නිරීක්ෂණය කිරීම, ආවරණය කිරීමට මාධ්‍යයට අවසර හිමිවුණේ නැහැ.
එසේම හම්බන්තොට වරාය චීනය වෙත පවරා දීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු එහි සංචාරය කිරීමද විශේෂ කරුණක් වනවා.

(ඡායාරූප – හම්බන්තොට – රාහුල් සමන්ත)