Gossips

ත්‍රාසජනක අත්දැකීමක් ගන්න හිතාගෙන ගිය ගමන අවසානාවන්ත ලෙස නතරවූ තැන

hang glider ආධාරයෙන් ගුවනේ පියාසර කිරීමට ගිය අයෙකු මුහුණදුන් භයානක අනතුරක් එම අවස්ථාවේ එහි සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා.
එම අනතුර සිදුවන්නේ hang glider හි අදාළ පුද්ගලයා රඳවා ගන්නා කේබලය ඔහුට සවිකරගැනීමට අමතක වී යාම හේතුවෙන්.
සියලු කටයුතු සූදානම් කරගැනීමට හැකිවුවද අත්‍යාවශ්‍ය ම කටයුත්ත ඔහුගෙන් මගහැරී යනවා.
ඔහු ගුවන් ගතවන්නේ එහි යකඩ ආධාරකයේ එල්ලී වීම හේතුවෙන් ගුවන් ගතව මොහොතක් ගතවන තුරු අදාළ කේබලය සවිකර නොමැති බව ඔහු නොදැන ගමන්කරනවා.
පසුව එහි සිටින hang gliderයේ නියමුවා විසින් මහත් පරිශ්‍රමයක් දරා එය පොළොව ආසන්නයට ගෙනයන අවස්ථාවකදී අදාළ පුද්ගලයා එය අතහැර බිමට ඇදවැටෙනවා.
මෙලෙස අනතුරට ලක්වන්නේ Chris Gursky's නමැති පුද්ගලයෙක්.
මෙම අනතුර සිදුව ඇත්තේ ඔහු සංචාරයක නිරතවීමට ස්විස්ටර්ලන්තයට පැමිණි පළමු දිනයේදීයි.
මෙම අනතුරෙන් ඔහුගේ අස්ථි කිහිපයකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් අවසානයේ ඔහු මහත් ආයාසයකින් එහි එල්ලී සිටින අයුරු දැක්වෙන එහි සවිකර තිබූ කැමරාවේ සටහන් වූ දර්ශන පහතින්.
rnrnrnrn