Gossips

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයට පැමිණි මන්ත්‍රී දිලුම් අමුණුගම පැය 12 කට පසු පිටව යයි

මහනුවර තෙල්දෙණියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මීට ටික වේලාවකට පෙර ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ පැය 12 කට අධික කාලයකට පසුවයි.
‍ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ කැදවීමකට අනුව අද පෙරවරු 11.30ට පමණ දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා කොළඹ කොටුවේ පිහිටි එම කොට්ඨාසයට පැමිණියා.
පසුගිය 10 වැනිදා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දි තිබුණ ද එදින පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වීම හේතුවෙන් අද දිනය ඒ සදහා වෙන්කරගෙන තිබුණා.
දිලුම් අමුණුගම මහතා සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා.