Gossips

ත්‍රස්ත ප්‍රහාරයකින් පලස්තින අගමැති දිවිබේරා ගනී

පලස්තීන අගමැති රාමි හම්ඩල්ලා ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබෙනවා.
ඔහුගේ නිල රථය ඉලක්ක කරගනිමිනුයි ඊයේ (13) මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
සිද්ධියෙන් අගමැතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, පලස්තීන රජය පවසන්නේ හමාස් සංවිධානය විසින් මෙහි වගකීම භාර ගත යුතු බවයි.
පසුගියදා ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයෙන් පසු පලස්තීනයේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ගැටුම් යළි ඇති වුණා.