Gossips

ත්‍රස්ත අවදානම ඉහළම රට, පාකිස්තානය බව හෙළිවේ

පාකිස්තානයේ ත්‍රස්ත අවදානම සිරියාව මෙන් තුන් ගුණයක් ඉහළ බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රමෝපාය දැක්ම පිළිබඳ කණ්ඩායම සකස් කළ එම අධ්‍යයනය තුළින් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්ත ප්‍රහාර රැසක් සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.
එමගින් ප්‍රකාශ කරන පරිදි වර්තමානයේ ජාත්‍යන්තර ආරක්ෂාවට වැඩිම තර්ජනයක් එල්ල කරන ත්‍රස්ත කණ්ඩායම් වන්නේ ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය සහ ලෂ්කර් – ඉ – ටයිබා කල්ලියයි.
එම සංවිධාන ඇතුළු දැඩි අනතුරුදායක ත්‍රස්තවාදී කණ්ඩායම් රැසක් පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන බවයි අධ්‍යයන කණ්ඩායම පෙන්වා දෙන්නේ.