රණවිරුවාගේ සහ ත්රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
ඒ බත්තරමුල්ල – පාර්ලිමේන්තු ක්රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී දැන් පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින්.
එමෙන්ම, ත්රස්තවාදීන්ගේ සහ එල්.ටී.ටී.ඊ යේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ ලබානොදෙන බව ද එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියා.
