ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදුකළ යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සළකා බැලීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ත්‍රස්තවාදයෙන් සහ ත්‍රස්තවාදය ආශ්රිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාළ සියලූ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සඳහා වන සායනික ගොඩනැගිල්ල ඉදිකිරීම හා ඊට අවශ්‍ය අරමුදල් සළසා ගැනීමද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
රත්නපුර මහ රෝහල ආසන්නයේ පිහිටි භූමියක මෙම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.