Gossips

ත්‍රස්තවාදයට සහය දුන් 12 කට මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

ත්‍රස්තවාදයට සහය දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබු පුද්ගලයන් 12 දෙනෙකුට ඉරාකයේදී මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිගේ උපදෙස් මතයි.
චෝදනා එල්ලවී ඇති ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට අගමැතිවරයා උපදෙස් දී තිබු බව සඳහන්.
ඒ අනුව ඊයේ එම පුද්ගලයන් හිස ගසා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මීට දින කිහිපයකට පෙර අයි එස් කැරළිකරුවන් විසින් සිය භාරයට ගෙන සිටි පුද්ගලයන් 8 දෙනෙකුගේ ඝාතනය කළ සිරුරු හමුවීමත් සමග ඉරාක අගමැතිවරයා මෙම මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි.
ත්‍රස්තවාදී සැකකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂ දර්ශණයට ද ලක්ව තිබෙනවා.
මෙම චුදිතයන් 12 දෙනාට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉරාක අගමැතිවරයා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබීම ද විශේෂත්වයක්.
ඝාතනය කෙරුනු පුද්ගලයන්ගේ අනන්‍යතාව රජය විසින් හෙළිකර නැහැ.
අයි එස් කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුම්වල අවසානය දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇති බවට හයිදර් අල් අබාදි ප්‍රකාශ කිරීමත් සමග කැරළිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් ද දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
කැරළිකරුවන්ට සහය දෙන දහස් ගණනක් මෑත කාලීනව අත්අඩංගුවට පත්වු අතර විශාල පිරිසකට මරණ දඩුවම ද ක්‍රියාත්මක කර තිබෙනවා.
විදෙස් පුවත් සේවා කියාසිටියේ එම පිරිස් අතර විදේශීය කාන්තාවන් 700 කට වැඩි පිරිසක් ද වන බවයි.