Gossips

ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් ලක්ෂ 5ක් මරුට

ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් මේ වනවිට පන්ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණ වනවා.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධය ආරම්භ වූයේ.
ඉන් අනතුරුව ඔවුන් ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ සිදුකළ මෙහෙයුම් වලදී මෙලෙස පන්ලක්ෂයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඇමරිකානු බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන කටයුතු පිළිබඳ වොට්සන් ආයතනය සිදුකළ අධ්‍යයනයේදී හෙලි වී තිබෙනවා.
එලෙස මියගිය පිරිසට සිවිල් වැසියන්, කැරලිකරුවන්, අදාළ රටවල පොලිස් සහ ආරක්ෂක හමුදා මෙන්ම ඇමරිකානු සහ සන්ධානයේ හමුදා සාමාජිකයන් ද ඇතුළත්.
ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේදී මෙහෙයුම්වලදී මියගිය ඇමරිකානු සෙබලූන් සංඛ්‍යාව 7000 කට අධිකයි.