Gossips

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ පාකිස්ථානය එක්වේ

පුල්වාමා ප්‍රහාරයට සම්බන්ධ ජයිෂ් ඊ මොහොමඞ් ත්‍රස්ත කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද සූදානම් වනවා.
ඒ අනුව එහි නායක මසූඞ් අසාර්ගේ නම එළඹෙන ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා ඉන්දියාව නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.
ප්‍රංශයේ සහය ඇතිව ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාවලිය සකස් කිරිම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ජයිෂ් ඊ මොහොමඞ් ත්‍රස්ත කල්ලියෙන් ඉන්දියාවට පමණක් නොව බටහිර රටවලටද එල්ලවී ඇති තර්ජන ඊට ඇතුලත් කිරීමටයි ඉන්දියාව සූදානම් වන්නේ.
මේ අතර රට තුළ ක්‍රියාත්මක අන්තවාදී සහ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පාකිස්ථානය තීරණය කර ඇති බව එරට තොරතුරු අමාත්‍ය ෆවාඞ් චෞද්රි ප්‍රකාශ කළා.
ජයිෂ් ඊ මොහොමඞ් ඇතුලූ සියලූම සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව මෙලෙස ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න ඔහු හෙළි කර නැහැ.