Gossips

ත්‍ත්‍රිකුණාමලයේ භූ කම්පනය, ප්‍රදේශ රැසකට දැනේ

ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද අලූයම සිදුවූ භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු කම්පන සිදුවේදැයි පරීක්ෂාවෙන් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා.
එමගින් සදහන් කළේ අද අලූයම සිදුවූ භූ කම්පනය පල්ලෙකැළේ, මහකනදරාව සහ හක්මන භූ මාපක යන්ත්‍රවල රික්ටර් පරිමාණයේ 3.5ත්, 3.8ත් අතර භූ චලන ලෙසින් සටහන් වී තිබූ බවයි.
ත්‍රිකුණාමලය – මුතූර් සහ කින්නියා ප්‍රදේශවල ජනතාවට ද මෙම කම්පන තත්ත්වය දැනී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන කියා සිටියේ තත්ත්වය පිළිබදව කාර්යාංශය වැඩිදුරටත් අවධානයෙන් පසුවන බවයි.
එමෙන්ම ඊයේ රාත්‍රී 12.35ට පමණ ත්‍රිකුණාමලය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 3.5ක භූ කම්පනය සිදුවන වේලාව ආසන්නයේදීම, ඉන්දීය සාගරයේ අන්දමන් සහ නිකොබාර් දිවයින් ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.