Gossips

තහනම් සංවිධායකට සහය දැක්වූ, ශ්‍රී ලාංකිකයන් 04ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට පත්වූවන් සම්බන්ධයෙන් තොරතුරු මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඝාතනය කළ බවට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට එරෙහිව ජර්මානු බලධාරීන් චෝදනා ගොනු කර ඇති බව ඊයේ වාර්තා වුණා.
යුද අපරාධ සිදුකිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීම ඇතුළු තවත් අපරාධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
37 හැවිරිදි බී. සිවදීපන් නැමැති මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදියි.