Gossips

තහනම් පොලිතින් රට පුරා – වටලන්න නිලධාරීන් නැහැ

තහනම් කරන ලද ලන්ච් ෂීට් තවමත් වෙළඳපොළේ පවතින බැවින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලන්ච් ෂීට්වලට නිසි මිලක් නොලැබෙන බවට සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයිගේ සහ ප්‍රතිචක්‍රිකරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී ප්‍රමිතියෙන් යුත් ලන්ච් ෂීට් නිෂ්පාදනයෙන් තම සංගමයේ සියළු සාමාජිකයින් ඉවත්වන බවයි එහි ලේකම් අනුර හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය පසුගිය ජනවාරි 1 වන දා සිට තහනම් කෙරුණා.
කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකිරීම සඳහා නිලධාරීන්ගේ හිඟයක් පවතින බවයි.
එම නිසා පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ඇතිව අදාළ වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇති බව සභාපතිවරයා කියා සිටියා.