Gossips

තහනම් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලූ 14ක් අත්අඩංගුවට

නීති විරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයන් 14 දෙනෙකු කල්පිටිය දලුව මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ඊයේ සිදු කළ වැටලීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුනේ.
අවුරුදු 28ත් 53ත් අතර පසුවන සැකකරුවන් කල්පිටිය, පල්ලියවාසලපාඩු සහ කන්දතොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් ධීවර කටයුතුවලට යොදා ගත් යාත්‍රා 2ක්, තහනම් දැල් 2ක් සහ මසුන් කිලෝ 40ක් ඇතුලු උපකරණ ද නාවික හමුදා භාරයට ගැනුනා.
සැකකාර ධීවරයන් වැඩිදුර විමර්ශණ සඳහා පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා.