තහනම් කෘමිනාශක ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් අලෙවි කළ වෙළඳසැල් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය උතුරු මැද පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා සමග එක්ව ඊයේ (05) දහවල් කාලයේදීයි වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී ග්යිපොසෙට් ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 1467 ක් සහ ග්ලයිපොසෙට් දියර ලීටර් 4 බැගින් අඩංගු ගැලුම් 4 ක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
අවුරුදු 21 සහ 50 වයස්වල පසුවන සැකකරුවන් කැකිරාව ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධිය පිළිබඳ උතුරු මැද පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.
